මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා පනතක් මගින් නීතිමය විධිවිධාන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමතිය හිමිව තිබේ.
මව්කිරි දීමේ දර්ශකය සැලකීමේදී ලංකාව ලෝකයේ ඉහළම තලයක පවතින අතර මේ නිසා වාණිජමය පරමාර්ථ මුල් කරගෙන කිරිපිටි කර්මාන්තය මගින් දරුවන් වෙත එල්ලවන සදාචාර විරෝධී සහ හානිකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කිරීමට සැලසුම් කර ඇත.
මේ අනුව මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා පනතක් මගින් නීතිමය විධිවිධාන හඳුන්වා දීම සඳහා 2018-10-16 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.