මවත් සමග ඇති ආරවුලට දුවට අමානුෂිකව පහරදෙයි - සිද්ධිය සී.සී.ටී.වී. කැමරාවේ
පිලියන්දල පැලැන්වත්ත ප්රදේශයේ දී 21 හැවිරිදි තරුණියකට අමානුෂික ආකාරයෙන් මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
තරුණිය ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. පහර දීමට යොදා ගත් මන්නය ද පොලිස් භාරයට ගෙන ඇත.
තරුණිය ඊයේ (27දා) සවස රැකියාව නිමවා නිවස කරා පැමිණෙද්දී සැඟවී සිටි සැකකරු මන්නයක් රැගෙන විත් තරුණියට අමානුෂික ලෙස පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු සහ පහර කෑ තරුණියගේ මව අතර ඇති වූ ගැටලුවක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය කියයි.
ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවට දැනගන්නට ලැබුණු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු සංඥා කුලුනක මුරකරුවකු ලෙස සේවය කරන අතර එම සිද්ධියෙන් අනතුරුව සැකකරු සංඥා කුළුණු ට නැග ඇති අතර දැඩි පරිශ්රමයක් සැකකරු බිමට බස්සවා ගෙන අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේදී ගම්වාසීන් සැකකරුට පහර දීමට උත්සාහ දරා ඇතත් පොලිසිය උපක්රමශීලීව සැකකරු පොලිසිය වෙත රැගෙන ආ බව පිලියන්දල පොලිසිය කියයි.
සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

