මවගෙන් වෙන්වූ කඳුකර කොටි පැටවුන් යළිත් මවගේ තුරුලට
නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්රි තේ වත්තේ මවගෙන් වෙන් වි අතරමංව සිටි දින 10 පමණ වයසැති කදුකර කොටි පැටවුන් දෙදෙනා යළිත් මව වෙත යොමු කිරීමට නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පියවර ගැණින.
නොර්වුඩ් ඉන්ජස්ට්රි තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට කොටි පැටවුන් දෙදෙනා හමු වි ඇති අතර, පසුව වතු කම්කරුවන් විසින් වතු අධිකාරිවරයා දැනුවත් කිරිමෙන් පසු වතු අධිකාරිවරයා විසින් ආරක්ෂිතව කොටි පැටවුන් දෙදෙනා රදවාගෙන ඒ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.
ගැහුණු සහ පිරිමි සතුන් දෙදෙනෙකු වන එම කුඩා කොටි පැටවුන් දෙදෙනා වනජිවි නිලධාරින් පැමිණ එම තේ වත්තේම කොටි පැටවුන් හමු වු ස්ථානයට යාබදවම තේ වත්තේ ආරක්ෂිත ස්ථානයක රදවා තිබියදි කොටිපැටවුන් දෙදෙනාගේ මව විසින් එම ස්ථානයට පැමිණි කොටි පැටවුන් දෙදෙනා අවස්තා දෙකකදි රැගෙන ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

