වයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
සැකකාර සැරයන්වරයාගේ බිරිඳ මතුගම සහ ඒ අවට ප්‍රදේශයේ තිස් පස් දෙනෙකුගෙන් විදේශ රැකියා සදහා යවන බවට පොරොන්දුවී රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ 70 ක් පමණ එකතුකර නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදී තිබේ. මුදල් ලබාගත් පුද්ගලයා ඔවුන් මගහැර සිට ඇති බැවින් , සැරයන් වරයා ඉකුත් 4 දා ඔහු පැහැරගෙන විත් මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ නිවසක සිරකර ගෙන සිට ඇතැයි පොලිසිය කීය.
මුදල් ලබාදීම සඳහා තමා මුදවා හරින ලෙස අතරමැදියා ඉල්ලා සිටි ඇති අතර, ඒ වෙනුවට ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා මතුගම ප්‍රදේශයට ගෙන්වාගෙන සිරකර ගෙන අතරමැදියා මුදාහැර ඇති බවද පොලිසිය කීය.
දරු දෙදෙනා සහ මව දින 6 ක් කටුගහහේන ප්‍රදේශයේ නිවස සිර කරගෙන සිටියදී මෙසේ සොයාගෙන සැකකාර සැරයන් වරයා සහ බිරිඳ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
මව සහ දරු දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කල බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා