මල්වතු මහ නාහිමියන්ගේ නම විකුණූ පුද්ගලයෙක් අල්ලයි
මල්වතු මහ නා හිමියන්ගේ ඥාති පුත්‍රයකු බවට ව්‍යාජව පෙනී සිටිමින් කුණ්ඩසාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් හැදුනුම් පතක් සකසා ගැනීම සඳහා එහි රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කළ පුද්ගලයකු මහනුවර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගන නවනගරය රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ටෙලි හා වේදිකා නාට්‍යය නළුවෙකු බවද පොලිසිය කියයි.
සැකකරු 2025.10.14 වැනි දින කුණ්ඩසාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාල අයදුම් පත භාරදී තමන් මල්වතු මහනාහිමියන්ගේ ඥාති පුත්‍රයෙකු බවත් තම හැදුනුම්පතේ කාර්ය කඩිනම්ව සිදුකර දෙන ලෙසත් එහි නිලධාරීන්ට දැනුම් දී ඇති බව පොලිසිය කියයි.
ඉන් අනතුරුව මල්වතු මහානාහිමියන් බව පවසමින් අවස්ථා කීපයකදීම එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට අවස්ථා කිහිපයකදීම දුරකථන මගින් අමතමින් තම ඥාති පුත්‍රයාගේ ඇඳුනුම්පත කඩිනම් ම සකසා දෙන ලෙස දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් සැකසිතී කුණ්ඩසාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මල්වතු මහා නා හිමියන් දැනුවත් කිරීමට පියවර ගැනීමෙන් පසු මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, මහනුවර පොලිස් අධිකාරි 1 ඉලංගකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

