මහනුවර වැව රවුමේ මල්වතු මහා විහාරය අසල තරු හෝටලයක අධික ලෙස ශබ්ද ඝෝෂා නගමින් පැවැති රාත්රී සාදයක් නවතා දැමීමට මහනුවර මූලස්ථාන පොලිසිය පියවර ගෙන තිබේ.
මෙම සාදය පෙරේදා (11) රාත්රී අදාල හෝටලයේ ඉහළ මහලේ එළිමහන් ස්ථානයක සංවිධානය කොට තිබී ඇති අතර එය පසුදින අලුයම් කාලය දක්වා පැවැත්වීමට ද නියමිතව තිබී ඇත.
මල්වතු මහා විහාරයට සහ හෝටලය අසල නිවාස වල පදිංචි කරුවන්ට හිරිහැර වන අයුරින් මහා ශබ්ද නගමින් සංගීතය මුදා හැරීම හේතුවෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පැමිණිලි මත මහනුවර මූලස්ථාන භාර ප්රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ගොස් එහි සංවිධායකයන්ට අවවාද කොට රාත්රී 11 ට සාදය නවතා දමන ලෙසට අවවාද කොට තිබේ.
ෂේන් සෙනෙවිරත්න