පවතින අධික වර්ෂාපතනයත් සමග මුලතිව් වවුනිකුලම් වැව ආරක්ෂා කර ගැනීම සදහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් විසින් වැලි කොට්ට ගැසීමේ කටයුතු ආරම්භ කොට ඇත.
වවුනිකුලම් වැවේ පහළ කොටසේ විශාල ජනතාවක් පදිංචිව සිටින බැවින් යම් හෙයිකින් වාන්දැමීමට ආසන්නව තිබෙන වවුනිකුලම් වැවේ බැම්ම කැඩිමේ හෝ පිට වානෙන් ජලය ගලාගෙන යාමේ අවධානමක් ඇති හෙයින් පහත් බිම් වල සිටින ජනතාවගේ ආරක්ෂාව උදෙසා යුද හමුදාව මෙම පියවර ගෙන ඇත.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුලතිව් වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පහත් බිම් ප්රදේශවල ජනතාවට ප්රවේසම් වන බවට දැනුම් දී ඇති අතර වවුනිකුලම් වැවේ ජල ධාරිතාව වැඩි වුවහොත් අවධානම් තත්ත්වයක් එළඹිය හැකි බවටද එම නිලධාරීන් පවසති.
පසුගිය වසරේද මුලතිව් පළාතට ලැබුණු අධික වර්ෂාව නිසා මෙම වැවේ පහළ කොටසින් ජලය ගලාගෙන ගිය අවස්ථාවේදී ජනතාව විශාල ප්රමාණයක් විපතට පත් වූ අතර පීඩාවට පත් වූ ජනතාව බේරා ගන්නා ලද්දේ පළාතේ යුද හමුදාව විසිනි.
