මුලතිව්හි ඉඩමක වළදමා තිබියදි හමු වූයේ ප්රභාකරන්ගේ නිල ඇඳුම්දැයි සැකයක්
මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්රදේශයේ ඉඩමක වළදමා තිබියදී ඊයේ (21) දින හමුවූ යකඩ පෙට්ටියේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්රභාකරන්ගේදැයි ආරක්ෂක අංශ විසින් සැක පළ කර සිටියි.
ඉරණපලෙයි ප්රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩමේ ඉදිකිරිමක් වෙනුවෙන් පොළව හාරමින් සිටින අවස්ථාවේදී මෙම යකඩ පෙට්ටියක් හමුවි ඇති අතර පසුව එය පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව එම පෙට්ටිය පරික්ෂා කරනු ලැබීය.
එහිදි යකඩ පෙට්ටියේ තිබි ඇත්තේ කොටි සංවිධානය විසින් පළඳින නිලඇඳුම් කිහිපයක් කොටි සංවිධානයේ නායක ප්රභාකරන්ගේ ඡායාරූපයක් හා එම සංවිධානයේ යුද ක්රියාකාරකම් ඇතුලත් වීඩියෝ පටයක්ය.
යුද සමයේදි නිල ඇඳුම් ආරක්ෂා කිරිම සඳහා මෙලෙසින් යකඩ පෙට්ටියකට දමා වළ දමා ඇත්තේ කොටි සංවිධානයේ නායකයෙකු පරිහරණය කරන ලද නිලඇඳුම් විය හැකි බවටත් එය ප්රභාකරන්ගේමදැයි සැකයක් පවතින බවට ආරක්ෂක අංශ වැඩ දුරටත් කියා සිටි අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

