මරදානේ සිට හැටන් හරහා වැලිමඩ දක්වා ත්‍රීරෝද රථයකින් ගංජා, හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි තරුණයන් දෙදෙනෙකු වටවල පොලිසිය විසින් (13) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මරදාන ප්‍රදේශයේ ත්‍රීරෝද රථ, කුලී රථ ධාවනයේ යෙදෙන අවුරුදු 25-27ත් වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් දෙදෙනා ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන ඇසුරුම් කරන ලද මත්ද්‍රව්‍ය මාර්ගයේ දෙපස හදුනාගත් ස්ථානවල තබා යන බවයි වටවල පොලිසිය මගින් කරන ලද මූලික පරික්ෂණවලදී අනාවරණය කරගෙන ඇත්තේ.
වැලිමඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් (13) දින මරදානේ සිට වැලිමඩ දක්වා ත්‍රීරෝද රථය ධාවනය කරවන අවස්ථාවේ වටවල පොලිසියේ නිළධාරින් වටවල පොලිසිය ඉදිරිපිට වාහන පරික්ෂා කරමින් රාජකාරියේ නිරතව සිටියදී ත්‍රීරෝද රථය නතර කර පරික්ෂා කිරිමේදි ත්‍රීරෝද රථයේ සගවා තිබී ගංජා ග්‍රෑම් 10ක්, අයිස් ග්‍රෑම් 1.10ක්, හෙරොහින් ග්‍රෑම් 11.2ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුව්න දෙදෙනා සන්තකයේ තිබි මුදල් රු.23000ක් සහ දුරකථන 04ක් සොයාගෙන ඇත් අතර, සැකකරුවන් දෙදෙනා කාලයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන වටවල පොලිසිය සැකකරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා පැවසීය.




