මාර්තු 1දා පාර්ලිමේන්තුව විසුරුවා UNP මන්ත්‍රිවරුන් ගෙදර යවනවා - දිනේෂ්
මේ ඡන්දෙදි ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගන්න අපි උත්සාහ කළ යුතු යැයි විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන , රැකිරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
කොලොන්නාව, අඹතලේ ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරයාගේ ජයග්‍රණයට ස්තුතිය පළ කිරිමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“රජය පත්වුණාට පසු ජනතාවට සහන රාශියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. බදු සහන, විවිධ මිල ගණන් අඩු කිරීම්, නව ව්‍යාපෘති යෝජනාවන් පළාත් පාලන ආයතනවලට හා මන්ත්‍රි කොට්ඨාසවලට හැකි පමණ ලබාදෙමින් ජනතාවට ඒ සහන ලබා දෙන්න කටයුතු කරනවා. මාස 4ට පමණයි අයවැය සම්මත කරලා තියෙන්නේ. ඒ කාලය තුළ ජනතාවට උපරිම සහන දෙන්න පමණයි මුදල් වෙන් කර තිබෙන්නේ. වෙනත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න මුදල් වෙන් කරලා නෑ. යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තමයි ගමින් ගමට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. වෙන ජනාධිපති කෙනෙක් යටතේ නම් මුලින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරිවෙන්න නීති සම්පාදනය කළ නිසයි ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි වෙලා තියෙන්නේ. නමුත් මාර්තු මස පළමු වෙනිදා වනවිට පාර්ලිමේන්තුවට අවුරුදු හතර හමාරක් පිරෙනවා. ඉන් පස්සේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා යුඑන්පී මන්ත්‍රින් ගෙදර ඇරලා නැවත ඡන්දයකට යන්න අවස්ථාව ලබාදෙනවා. එම ඡන්දයේදී ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගන්න අපි උත්සහ ගත යුතුයි.
තවදුරටත් සභාව ඇමතූ අමාත්‍යවරයා ''උපාධිධාරීන් 50,000ට රැකියා ලබාදීමේ වැඩසටහනක් ජනාධිපතිතුමා දැනටමත් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට රැකියා 100,000ක් ලබාදීමේ වැඩසටහනක් සඳහා යෝජනා කැඳවලා තිබෙනවා. අඩු ආදායම් ලාභී පවුල්වලට නිවෙස් සාදා දෙන වැඩසටහනක්ද ඉදිරි වසර 2 තුළ අපි ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම ඔබලාගේ ජීවිතවලට සතුට ගෙන එන්න මේ රජය විසින් සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන ආරම්භ කරලා තිබෙනවා. ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Don Thursday, 30 January 2020 08:00 PM
කොරෝනා නිසා මැතිවරණ ඕන නෑ
Reply : 0 52
denin Friday, 31 January 2020 05:16 PM
එක්සත් ජාතික පක්ෂය පමණක් නොවෙයි ඔබතුමාත් ඔබතුමාගේ පක්ෂයත් ගෙදර පොහොට්ටුවට එකතු නොවුනානම්.මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අවශ්‍ය අවම චන්ද ප්‍රමාණය 12% සිට 5%දක්වා අඩුකිරීම ලොකු ගොන්කමක් .මේ නිසා ප්‍රදාන පක්ෂවලට වුනේ ලොකු අවාසියක් .නැවත වෙවස්තාවට සංසෝදන ගෙනෙන විට මෙයත් නැවත 12% දක්වා වැඩිකළ යුතුයි.සක්තිමත් ආණ්ඩුවක් පිහිටුවාගැනීමට.එවිට කුඩා පක්ෂවල ඉල්ලීම් හා කේවල්කිරීම්වලට යටත්වෙන්න අවශ්‍ය නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

