කොල්ලුපිටියේ ෆිනෑන්ස් ආයතනයක සේවය කරන සේවකයෙකු ලෙස පෙනී සිටමින් රුපියල් ලක්ෂ 40ත් මුදලක් ලබාගෙන වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි.
සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති 011-2673581 හා 0112675651 අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සැකකරුගේ ඡායාරූපයක්ද පොලීසිය විසින් නිකුත් කර තිබේ.


