අධිකරණ නියෝගය අනුව ඉවත් කරන සෑම පොලිස් වාහනයක් සඳහාම අට්ටාලය බැගින් ඉවත් කිරීමට මයිනාගෝගම විරෝධතාවක නිරත පුද්ගලයන් එකඟ වී තිබේ.
පදික වේදිකාව හා මාර්ගය අවහිර වන අයුරින් ඉදිකර ඇති අට්ටාල ඉවත් කිරිමට කටයුතු කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව මෙම ඉවත් කිරිම් සිදුවෙයි.
පදික වේදිකාව භාවිත කරන හා මහා මාර්ගය භාවිත කරන අයට අවහිර නොවන අයුරින් පවත්වන සාමකාමී විරෝධතා සඳහා මෙම අධිකරණ නියෝගය අදාළ නොවන බවද එම නියෝගයේ දැක්වෙයි.