කොළඹ අරලිය ගහ මන්දිරය අසළ පැවැති සාමකාමි විරෝධතාවන් සඳහා පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මොරටුව මහ නගර සභාවේ සේවකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 49ක් වන මොරටුවැල්ල පදිංචිකරුවෙකි. උද්ඝෝෂණය කළ පිරිසට පහරදීම, දේපල හානි කිරීම හා අයුතු ජන රාශික සාමාජිකයෙක් වීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.