පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබේ.
මයන්ත දිසානායක මහතා එම තීරණය පිළිබඳව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ද ලිඛිතව දැනුම් දී ඇත.
මුදල් කාරක සභාවේ සභාපතිධුය සඳහා විපක්ෂය විසින් එහි හිටපු සභාපතිවන ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ නම යෝජනා කළද ආණ්ඩු පක්ෂය විසින් මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කළේය. ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී මයන්ත දිසානායක මහතා වැඩි ඡන්දයෙන් සභාපතිධුරයට පත්විය.
මයන්ත දිසානායක මහතා තම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතය.