තමා කතෝලික සභාවෙන් සමාව නොඉල්ලූ බවත් කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලූ බවත් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය. හිරු ටී.වී. නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Q - ඔබතුමා කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලුවට කතෝලික සභාව ඔබතුමාට සමාව දෙන්න සූදානම් නෑ.
A - මම කතෝලික සභාවෙන් සමාව ඉලලුවේ නෑ. කතෝලික ජනතාවයි කතෝලික සභාවයි කියන්නේ දෙගොල්ලක්. මේ රටේ කතෝලික තියෙනවා. ක්රිස්තියානි තියෙනවා. මූලධර්ම වාදය තියෙනවා. බෝර්න් අගෙන් තියෙනවා. ඒ ඔක්කොම එකතුකළාම ලක්ෂ විස්සක් විතර ඉන්නවා. ඔය ලක්ෂ විස්සෙන් මට නඩු දාලා තියෙන පාර්ශ්වය ඉන්නේ ලක්ෂ 10ක් විතර.
Q - භාගෙට භාගයක් නඩු දාලා ඔබතුමාට
A -නඩු දලා ඔක්කොම කරලා තියෙන්නේ. තවත් ඔය මාතෘකාව කථා කරන එක කිසි තේරුමක් නෑ.
Q - ජුඩ් ක්රිශාන්ත පියතුමා කියනවා ඔබතුමාට හැකිනම් කටුවාපිටියට, කොච්චිකඩේ පල්ලියට කතෝලික ජනතාව අතරට යන්න කියලා.
A - මම මට ඕන වෙලාවක යන්නම්. එයාට ඕන වෙලාවක නෙමෙයි. එයා කවුද මට? මොනවද එයා මේ දෝඩවන්නේ?