ප්‍රශනගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් වරදක් කර ඇත්තම් ඒ පිළිබඳව අදාළ අංශ වෙත පැමිණිල්ලක් කරන ලෙස තමන් විපක්ෂයට සඳහන් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.
තමන් එකම කන්ටේනරයක් හෝ නිදහස් නොකළ බව සඳහන් කළ අමාත්‍යවරයා විපක්ෂය මුලින්ම මේ සිදුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සම්බන්ධ කිරීමට උත්සාහ කළත් එය ව්යවර්ථවීමෙන් අනතුරුව තමන් ඒ සඳහා අදාළ කර ගැනීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
"මගේ පැත්තෙන් කිසිම දෙයක් කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුවූණේ නෑ. මම වරදක් කරලා තිබෙනවානම් කරන්න තියෙන්නේ යන්න තියෙන හැම උසාවියකටම ගිහින් මාව වරදකරුවෙක් කරන එකයි.අපි එක සත පහක්වත් හොරකම් කරලා දේශපාලනයට ආපු අය නෙමෙයි. මට කිසිම බයක් නෑ. මට කන්ටේනර් ගැන බලයකුත් නෑ."