තමන් රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොවන බවත් තමන් ජනතාවගේ මිතුරෙක් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පැවැසිය.
ජනපති ලෙස තේරීපත්වීමෙන් අනතුරුව හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
ප්රශ්නය - ජනපතිතුමනි ජනතාව කියනවා වෙනසක් ඕන කියලා. ඔබ රාජපක්ෂලාගේ මිතුරෙක් නේද?එතකොට කොහොමද වෙනසක් වෙන්නේ?
පිළිතුර- රාජපක්ෂලා කොහොමද මගේ පැරණි මිතුරන් වෙන්නේ. මම හැමදාම හිටියේ ඔවුන්ට විරුද්ධව. ඔයා අද ඇවිල්ලා කියලා රාජපක්ෂලා මගේ මිතුරන් කියලා.
මම එක දෙයක් කියන්නම්. ජනමාධ්‍ය වේදියෙක් වුණාම ඔබ ගැඹුරින් අධ්‍යනය කරන්න ඕන. මේ වගේ ප්‍රශ්න අහන්න එපා.
ප්රශ්නය - ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරකේ නෙමෙයිද?
පිළිතුර - මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි. මම ජනතාවගේ මිතුරෙක්