මුල ඉඳලා කොළොන්නාව හදනවා- හිරුණිකා
- 31 03 2014
- 22:52
- {{hitsCtrl.values.hits}} views
- සඳමාලි වික්‍රමආරච්චි
කොළොන්නාව ගොඩනැගීම සිය වගකීම බවත්, තමන් මුල සිට කොළොන්නාව හදන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබමින් මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කළාය.
"මට කොළොන්නාවෙ මිනිස්සු 85% ක්ම ඡන්දය දුන්නෙ ඔවුන්ට ඔවුන්ගේ ගම හදන්න මාව ඕනෑ නිසයි. ඒ නිසා ඔවුන්ගේ සාධාරණය වෙනුවෙන් මම වැඩ කරනවා. මම කොළොන්නාව මුල ඉඳලා හදනවා කියලා කියන්නෙ, දුරාචාර අතින් කොළඹ දිස්ත්‍රික්කයේ එය අංක එක නිසයි. මට පළාත් සභාව තුළ ඇමති ධුර ගන්න ආසාවක්, පොරයක් නෑ. මන්ත්‍රීවරියක ලෙස හරි මට කරන්න ලොකු වගකීමක් තියෙනවා" යැයි හිරුණිකා මෙනවිය අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ඡායාරූපය - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
