මම භාර ගත්තේ විපත්තියට ඇඳ වැටුණ රටක්
තමන් භාර ගත්තේ විපත්තියට ඇඳ වැටුණ රටක් බවත් රට වෙනුවෙන් එම අභියෝගය භාර ගැනීමට තීරණය කළ බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී සිය ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.
“අඳුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම සුදුසු බව සිතුන නිසයි මම මේ අභියෝගය භාර ගත්තේ. අද අප මුහුණ දෙන්නේ නූතන ඉතිහාසයේ කිසි දිනක මුහුණ නුදුන් අතිශය අර්බුද තත්ත්වයකට.
අපි දැවැන්ත අර්බුදයකට ගොදුරු වෙලා තියෙනවා. ඒ අනතුරින් රට බේරා ගත හැක්කේ අප සියලු දෙනා එකට එක්වුණොත් පමණයි.
රට ගොඩ නැංවීමට සියලු දෙනාම තම තම ශක්ති පමණින් කටයුතු කළ යුතුයි. එකට එකතු වුණොත් අපි ශ්රී ලාංකික ජාතිය ඉහළට ඔසවා තබන්න පුළුවන්.
බෙදී වෙන්වුණොත් පරිහානිය පත්වන්නේ පාර්ලිමේන්තුවේ මහජන නියෝතියක් පමණක් නෙමෙයි. මුළු මහත් ජාතියමයි. ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
අතිතය පසෙක ලා රට වෙනුවෙන් එක්වන්න කියලා ආරාධනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවකට පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කළා. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

