තමන් ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරියක් බවට පළවන වාර්තා අසත්‍ය බවත් එසේ පවසන අය එය සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.
රාජ්‍ය අමාත්‍යවරයි ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර ඇත්තේ වැරදිකරු බව ඔප්පු වන තුරු ඕනෑම අයෙකු නිර්දෝෂී බවයි.
“නීතියට අනුව ඕනෑම කෙනෙක් වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂී ය. මේ චෝදනා කරන අයට පිස්සු. මම ද්විත්ව පුරවැසියෙක් නම් එය ඔප්පු කළ යුතුයි,” ඇය පැවසුවාය.
ඩයනා ගමගේ මහත්මිය ද්විත්ව පුරවැසියෙක් බවට සඳහන් කරමින් මේ වන විට පැමිණිල්ලක් ඉදිරිපත කර ඇති අතර ඒ පිළිබඳව විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.