තමන් විශ්වවිද්‍යාල උපාධි උත්සවයට එක්වූයේ නිල ආරාධනාවකට බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර උත්සවය අමතමින් පැවැසීය. 2022දී තමන් රට භාර ගන්නා විට පැවැති දළ ජාතික නිශ්පාදිතය ඩොලර් බිලියන 76.8ක් වූ බවත් තමන් අනුර කුමාර දිසානායක මහතාට රට භාර දෙන විට එම අගය ඩොලර් බිලියන 98.9ක් දක්වා වැඩි බවත් හිටපු ජනපතිවරයා පැවැසීය.
“මම මුලින්ම ගියේ හවානාවට. ඉන් පස්සේ මම නිව්යෝර්ක් ගියා. එහි සිට කොළඹට එන ගමන් මම ලන්ඩනයේ එක රැයක් ගත කළා. ඒක ට්රාන්ස්සිට් එකක්. මේවා නිල ගමන්. එතනදී මට තිබුණේ නිල ආරාධනයක්. හිටපු නිසා පිළි ගත්තා. ආරාධනාවක් තිබුණේ නැත්නම් මම ලන්ඩන් නුවර ඉන්නවා. මේක අරගෙනයි මාව ගෙනිච්චේ.
මම මට ආරාධනා කළ ලියුමක් පෙන්නුවා. ඇහුවා මොකක්ද මම ලන්ඩන්වල ඉදන් ගෙනාවේ කියලා. ඕක මටත් අහන්න පුළුවන් අනුර කුමාර ජනපතිගෙන් මොනවද ජර්මනියෙන් ගෙනාවේ කියලා.
මට දැනගන්න ලැබුණා මට විරුද්ධව පැමිණිල්ලක් කර තියෙනවා කියලා. කවුද පැමිණිල්ල කළේ වර්තමාන ජනපතිගේ ජනපති ලේකම්. ඉතුරු කරුණු කියන්න එපා කියලා මට නීතිඥයින් කියලා තියෙන්නේ.
මම මිලියන 16ක් අරගත්තා කියනවා. මම 2022දී රට භාර ගන්න විට දළ ජාතික නිෂ්පාදනය කීයද ඩො.බි. 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙන කොට ඩොලර් බිලියන 98.9 ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොකටද මේවා අරගන්නේ මට වැඩක් නෑ. “
