මම චීනෙ මුදල් ඇමති නෙමේ ලංකාවෙ මුදල් ඇමති - රවි
ශ්‍රී ලංකාව 2% ට වඩා ඉහළ පොලියකට ණය නොගත් බව චීනය කියනවා නම්, මේ වනවිට ලබාගෙන ඇති ණයවලට 2% බැගින් පොලී ගෙවන්න සූදානම් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
පසුගියදා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මුදල් අමාත්‍යවරයා අද (03දා) මහනුවරදී මෙසේ පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
"පසුගියදා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවෙනවා. මා ඉතාම පැහැදිලිව කියන්න කැමැතියි, චීනය අපේ ළඟම මිතුරකු වුණත් තානාපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍යයි. මා එය ප්‍රතික්ෂේප කරනවා. එතුමන්ලා කියනවා නම් 2% ට වඩා ඉහළ පොලියකට ශ්‍රී ලංකාව ණය ගත්තෙ නෑ කියල, අපි දැන් අරගෙන තියෙන ණයවලට 2% ගානෙ පොලී ගෙවන්න අපි ලෑස්තියි. අපේ රට ඉතා කුඩා එකක් වෙන්න පුළුවන්. නමුත් අපි ස්වෛරී රාජ්‍යයක්. මා චීනෙ මුදල් ඇමැති නෙවෙයි, මම ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති කියල ඉතා පැහැදිලිව කියන්න අවශ්‍යයි. චීනයට ඒ රටේ ආර්ථිකය ගොඩනැගීමට තියෙන අයිතිය වගේම අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ අයිතිය අපට තියෙනවා.” යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

