තමන් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවත් ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ මතයට කන් දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. එසේම ජනපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, ජනපති ලේකම් කාර්යාලය යන ස්ථානවල තිබූ වටිනා ලිපි ලේඛණ දැන් විනාශ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
"අරලිය ගහ මන්දිරය, ජනපති ලේකම් කාර්යාලය, ජනපති මන්දිරය මේ හැම එකේම තිබුණ වටිනා ලිපි ලේඛණ දැන් විනාශ කරලා තියෙන්නේ. ආණ්ඩුවක් වැඩ කරන්න ඕන නීතිය අනුව. අපි ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන්න ඕන. ව්‍යවස්ථාවෙන් පිට අපි ක්‍රියා කරන්න යන්නේ නෑ.
පාර්ලිමේන්තුවට බල කරන්න බෑ පිටින් ඉදගෙන මේ වැඩ කරන්න කියලා. මම ඉන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ව්‍යවස්ථාව ආරක්ෂා කරලා ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ මතයට කන් දෙන්න. අපිට අද ඕනවෙලා තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඒක ඇති කරන්නත් ක්‍රියා කරනවා."