තමන් ඇමතිකමක් භාර ගැනීමට සූදානම් බවට ඇතැම් මාධ්‍ය තුළ වාර්තා වූ තොරතුරු අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි, ආචර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යධුරයක් හෝ වෙනත් තනතුරක් වෙනුවෙන් තමන් රජයේ කිසිම පාර්ශ්වයක් සමග සාකච්ඡා නොකළ බවත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාව ඇඳ දැමූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය බවට තමන් ප්‍රකාශ කරන බවද ඔහු පැවැසීය.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් දැඩි ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක විය යතු බවයි.
ඒ වෙනුවෙන් පක්ෂ නායකයන් මාස 9-12ක් පමණ සිය දේශපාලන මතවාද පසෙකලා පොදු න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පවසයි.