ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඇප හිමිවිය.
රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 4 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද කටයුතු කළේය.
එසේම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.