ගම්පහ ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ සැකකරු මීට දින කිහිපයකට පෙර ගම්පහ අකරවිට ප්‍රදේශයේදී පියපුතු දෙපළකටද පිහි ප්‍රහාරයක් එල්ලකර තිබේ.
එම පිහි ප්‍රහාරයෙන් පුත්‍රයා මියගොස් ඇති අතර ඔහුගේ පියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගොස් ඇති අතර එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට මන්නයකින් පහරදී ඇත.
එම අවස්ථාවේදී පොලීසිය එල්ලකළ වෙඩි පහරකින් සැකකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.