මන්නාරම සුළං විදුලිබල ව්‍යාපෘතිය ගැන කිසිම පාර්ශ්වයකට බලපෑමක් කළේ නෑ
මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිතුමා වගකීමෙන් කියා සිටි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක් ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතුව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීමය.
ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යාවශ්‍ය වී ඇති මේ අවස්ථාවේ දී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේ දී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
popular news
-
Deepal Nirosh Sunday, 12 June 2022 03:52 AM
සර් බලපෑම් කරන්න බොරුවට කලබල වෙන්න එපා සර්, ඕවට මණ්ඩලේ ඇතුළෙම ඕන තරම් ලොක්කො සොක්කො ඉන්නවා. එයාල ඒව කරගනීවි. කෝප් කමිටුව ඒව ව්භාග කරාවි. පරීක්ෂන පැවැත්වේවි. අන්තිමේ දි ඒ හැමෝම සමථයකට පත්වේවි. සර්ට ගෙදර යන්න වේවි. එච්චරයි!
Reply : 0 0
sg Sunday, 12 June 2022 05:43 AM
Need to ensure appoint young professionals for this kind of position.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

