පුුනර්ජනනීය බලශක්තිය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීම අරමුණ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මන්නාරම සුළං විදුලි බලාගාර පරිශ්‍ර සංචාරයේදී පැවැසීය.
"අපේ රට පුනර්ජනනීය බලශක්ති විභවය ඉහලින්ම ඇති රටක්. ලෝකෙම අවධානය පුනර්ජනනීය බලශක්තියට යොමුවෙලා තියෙන, ඒ වගේම ලෝකයම පුනර්ජනනීය බලශක්තියට හැරෙන කාලයක සොබා දහම අපේ රටට තෑගි දීලා තියෙන හිරු එළිය, සුළඟ උපරිම අයුරින් භාවිතයට අරගෙන රටේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නට අපි කටයුතු කරනවා.
එහිදී විශේෂයෙන්ම මේ මන්නාරම කලාපයේ සුළං විදුලිබලය නිපදවා ගැනීමේ හැකියාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නත්, ඒ සඳහා වන ආයෝජන, නව තාක්ෂණය භාවිතය දිරිමත් කරමින් අපේ රටේ බලශක්ති අභියෝග ජයගන්න අපි බලයට පත්වෙන්නත් කලිං හදපු සැලසුමට අපි ක්‍රියාත්මක වෙනවා."
මෙම සංචාරයේදී අමාත්‍යවරයා දැනට ටෙන්ඩර්පත් කැඳවා ඇති මුල්ලිකුලම මෙගාවොට් සියයක ධාරිතාවයක් සහිත යෝජිත සුළං විදුලි බලාගාරයට වෙන්කළ ප්‍රදේශයද, දැනට ලංකා විදුලිබල මණ්ඩලය යටතේ ක්‍රියාත්මක තම්බපවණි සුළං විදුලි බලාගාරයත් නිරීක්ෂණය කළ අතර, එහි ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවකද නියැලුනේය.
එසේම, එම පරිශ්‍රයට යාබදව ඉදිකිරීමට නියමිත ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 4.65ක අවම මිලකට මිලදී ගැනීමට ගිවිසුම් නව රජය විසින් අත්සන් කරන ලද හා ළඟදීම ඉදි කිරීමට නියමිත මෙගාවොට් 50ක ධාරිතාව සහිත Hayleys Fentons සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිත ප්‍රදේශයද නිරීක්ෂණය කළේය.
