මන්දපෝෂණ තත්ත්වය දිවයිනේ වැඩියෙන් වාර්තා වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශයේ ඉහළ තනතුරු රැසකම පරිපාලන නිලධාරින් පුරප්පාඩුව පවතින බව එම දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් කියා සිටියි.
නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ මුලික රෝහල් 02 ක්, ප්‍රාදේශිය රෝහල් 26 ක්, ප්‍රාථමික රෝහල් 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 14 ක් පාලනය වන අතර, එම කාර්යාලයේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තනතුර, පරිපාලන නිලධාරි තනතුරු, ගණකාධි තනතුරු වලට තාවකාලිකව වැඩ බැලිමට නිලධාරින් පත් කර ඇති බව වෛද්‍යවරුන් පවසයි.
එසේ වැඩ බැලිමට පත් කර ඇති නිලධාරින් දිස්ත්‍රික්කය තුළ තවත් රෝහල් වල සහ ආයතන වල කාර්ය බහුල නිලධාරින් බවත්, එම කාර්ය බහුලතාවය මත වැඩ බැලිමට පත් කර ඇති නිලධාරින් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය තුළ වැඩ බැලිමේ කටයුතු සිදු කරන බවද එම වෛද්‍යවරුන් කියා සිටියි.
තවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයෙකුද නොමැති බවත්, පවත්නා තත්ත්වය මත එම තනතුරු සදහා ස්ථිර පත්විම් ලද නිලධාරින් පත් කරන්නේ නම් තම කාර්යන් ඉතා කාර්යක්ෂමව සිදුකරගෙන යා හැකි බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.