මන්දපෝෂණයෙන් ලෝකයේ පස් වන තැනට සහ කලාපයේ දෙවන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් කාවින්ද ජයවර්ධන මහතා මේ බව පැවසීය.
ආර්ථික අර්බුදය හේතුවෙන් දුප්පත් ජනතාව වේලක් හෝ දෙවේලක් මඟ හරිමින් සිටින බවත් මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් අනාගත දරු පරපුර ආරක්ෂා කර ගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන කළේය.