හතරලියැද්ද වැලිකන්ද රක්ෂිතයේදි මද්දකට හසුවි සිටි විශාල කොටියා ඊයේ සවස මුදා හල බව රන්දෙනිගල වනජීවී කාර්යාලයේ පශුවද්ය අකලංක පිනිදිය මහතා පවසයි.
මෙම Pantera pardus kotiya අඩි 7 ක් පමණ වන බවත් මෙම කොටියා විශාල කොටියෙකු බවද පිනිදිය මහතා පැවසිය.
පෙරේදා දිනයේදි හතර ලියැද්ද වැලිකන්ද රක්ෂිතයේ කිසිවෙකුන් විසින් අටවා තිබු මද්දකට හසුවු මෙම විශාල කොටියා පිළිබදව හතරලියැද්ද පොලීසිය විසින් රන්දෙනිගල වනජීවි කාර්යාලයට දැන්විමෙන් පසු පෙරවරු 11 ට පමණ රන්දෙනිගල වනජිවි නිලධාරින් හා ගම්පොළ වනජීවි නිලධාරි කාර්යාලයෙන් පැමිණ මහත් පරිශ්‍රමයක් යොදා නිර්වින්දනය කර ගම්පොළ වනජීවි නිලධාරි කාර්යාලයට ගෙන ප්‍රථිකාර කර ඇත.
දින එකහමාරක් පමණ ප්‍රථිකාර වලට ලක් කිරිමෙන් අනතුරුව මෙම කොටියාගේතත්වය යහපත් වු හෙයින් ඊයේ පස්වරුවේදි මෙම සතාට හිතකර රක්ෂිතයකට මුදා රල බවද වෛද්‍ය අකංලක මහතා පැවැසිය.
මෙම කොටියා සිටි ප්‍රදේශයේ තවත් දිවියන් සිටින බව ප්රදේසවාසින් පවසන අතර මේ වන තෙක් මිනිසුන්ට කිසිදු හානියක් සිදු කර නොමැති බවත් මොවුන් වනාන්තරයට වී නිදහස්ව සිටින බවද රන්දෙනිගල වනජීවී කාර්යාලයේ පශුවදය අකලංක පිනිදිය මහතා ඇවැසීය.


