කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය සාමකාමී උද්ඝෝෂණයට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු 11ක් යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ඒ අනුව ඔවුන් එළැඹෙන 08 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.