හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතාගේ සහෝදරයා වන සමගි ජන බලවේගය බෙලිඅත්ත ආසන සංවිධායක දකුණු පළාත් සභා හිටපු මන්ත්රී නිහාල් වෙදාරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
මැයි මස 9 වන දින තංගල්ල කාල්ටන් හී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් අද පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය පවසයි.
සැකකරු අද පස්වරුවේ තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දින දක්වා එරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තංගල්ල වැඩ බලන මහේත්රාත් රංජිත් ගුණසේකර මහතා නියෝග කළේය.
හඳුගල ගුණරත්න