පානදුර නගර සභා මන්ත්‍රී සුදත් දමයන්ත මහතා නගර සභාවෙන් සිය මාසික වැටුප පිළිකා රෝගින්ට සහ විදුලි බිල ගෙවාගැනීමට නොහැකිවූ ආර්ථික ගැටළු පවතින අහිංසක ජනතාවට ලබාදීම ඊයේ (11) දින ආරම්භ කෙරිණි.
ඒ අනුව මන්ත්‍රී වරයාට ලැබුන අගෝස්තු මස මාසික වැටුප පානදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනකු වෙත භාරදීම මාසික සභා රැස්වීමෙන් පසු සිදුකරන ලදී.
මන්ත්‍රී වරුන්ට ලබාදෙන ආහාර පාන ප්‍රතික්ෂේප කරමින් සිය නිවසෙන් රැගෙන ආ ආහාර පාන ලබාගන්නා අයුරුද දැකගත හැකිවිය .
මන්ත්‍රී වරයා ගේ ජූලි මස වැටුපද ඇසළ පොහොය දින , මියගිය රණවිරුවන්ට පිං පිණිස පැවැත්වූ දන්සලක් සදහා පරිත්‍යාග කරන ලද අතර, සිය ධූර කාලය තුලදීම වැටුප එසේ පරිත්‍යාග කරන බවත් ඒ මහතා පැවසීය.
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්