පොලොන්නරුව දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු ගම්පහ ත්රිපුද්ගල මහාධිකරණ මරණ දඬුවම නියම කළේය.මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.
සැකකරුවන් හතර දෙනකුට අත් හිටවූ සිර දඬුවම් නියම වූ අතර 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. මරණ දඬුවම් නියම වූ සැකකරුවන් 12 දෙනක්ගෙන් එක් සැකකරුවකු දැනට අධිකරණය මඟහැර සිටියි.