පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස සිටි පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නිට්ටඹුව ප්‍ර දේශයේදී ඊයේ දහවල් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු පුද්ගලික ආයතනයක සේවය කරන ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක නිලධාරියෙක් බව පොලීසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 31ක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.