මන්ත්‍රීවරැන් වෙනුවෙන් බිලියන 6 ක් වැය කොට මහල් නිවාස සංකීර්ණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපියල් බිලියන 6 ක වියදමින් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් රජය තීරණය කර ඇතැයි වාර්තාවෙයි. මේ සඳහා තලපත්පිටිය ප්‍ර දේශය මේ වනවිට තෝරාගෙන තිබේ. මීට අමතරව රැපියල් මිලියන 500 ක වියදමින් පාර්ලිමේන්තු සංකීර්ණය නවීකරණය කිරීමටද රජයේ අවධානය යොමුවී තිබේ.
මෙම ඉදිකිරීම් සම්බන්ධ කැබිනට් පත්‍රකාව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති අතර එය ජනවාරි මස 07 වැනිදා අනුමත කර තිබෙන බව වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය කමිටු පත් කිරීමද සිදුකර ඇති බව වාර්තාවේ.
අදාල මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ජපානයේ සුමිටොමෝ මිට්සුයි ඉදිකිරීම් සමාගමේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 1982 දී පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේද මෙම සමාගම විසිනි. නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අයත් අක්කර දෙකහමාරක භූමි ප්‍රදේශයක් හඳුනාගෙන ඇති අතර අදාල ව්‍යාපෘතිය වසර 2015 නිමවීමට පෙර හමාර කිරීමට තීරණය කර තිබේ.
මෙම නිවාස සංකීර්ණය ඉදිකළ පසු මේ වනවිට බොහෝ පැරණි තත්ත්වයට පත්වෙමින් ඇති මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට නියමිත බවද වාර්තාවෙයි. මාදිවෙල නිවාස සංකීර්ණයේ නොමැති පිහිනුම් තටාක, ඇවිදීම සඳහා වන පටු මාර්ග, අවන්හල් සහ ක්‍රීඩා පිටි මෙම සංකීර්ණයට ඇතුළත්ය. එසේම සියලුම නිවාස වායු සමනය කළ ඒවා වනු ඇතැයිද පැවසේ.
සඳුන් ඒ.ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
