විධායක බලතල ප්‍රාදේශීය සභා මට්ටමට විමධ්‍යගත කිරීම මෙන්ම කොට්ඨාස මට්ටමින් ජන සභා පිහිටුවීම වැදගත් වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනුයි එම පෙරමුණ මේ බව සදහන් කළේ.
සෑම මැතිවරණයකදීම මහජන නියෝජිතයින් තේරීමේ දී කොට්ඨාස ක්‍රමය හා සමානුපාතික ක්‍රමය සියයට 70 සහ සියයට 30 වන ආකාරයට බෙදීයන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද ජාතික නිදහස් පෙරමුණ සදහන් කළා.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සාක්ෂි ලබාදෙමින් මෙම කරුණු සදහන් කළා.
නව ව්‍යවස්ථාවක් යටතේ පළාත් පාලන ඡන්ද විමසුම මගින් තෝරා පත්කර ගන්නා ජනතා නියෝජිතයින්ට මහජන පරමාධිපත්‍යයට අදාළ වන විධායක බලතල පැවරීම සුදුසු බවයි මෙහිදී සදහන් කෙරුණේ. පළාත් පාලන බල ප්‍රදේශයක ජන සභාවක ඡන්ද දායකයින්ගෙන් තුනෙන් දෙකක බහුතර අත්සන් සහිත ඉල්ලීමක් මගින් කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට ලබාදුන් ජන වරම ආපසු ලබාගැනීම සදහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද ජයන්ත සමරවීර මහා සදහන් කළා.
එසේම අතුරු මැතිවරණ පැවැත්වීමේ වැදගත්කම ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. ඡන්ද විමසුමක දී වියදම් කිරීමට අපේක්ෂිත මුදල් ප්‍රමාණය සහ වැයකරන ආකාරය දැක්වෙන අයවැය සහිත ප්‍රකාශයක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීම සිදුකළ යුතු බවද ජාතික නිදහස් පෙරමුණ මෙහිදී යෝජනා කළ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළග රැස්වීම ලබන මස 8 වනදා පැවැත්වීමට නියමිතයි.