ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17,18,19,20 යන සංශෝධන සියල්ලටම පක්ෂය ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරැන් 22වැනි සංශෝධනයටත් පක්ෂව ඡන්දය ලබා දීමට සූදානම් වීම හරහා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරැන් විහිලුවක් බවට පත් කර තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
රටේ තිබෙන ප්‍රශ්න සඳහා ව්‍යවස්ථා සංශෝධන වැනි සුදුහුනු ගැම් රටේ ජනතාව බලාපොරොත්තු නොවන බවත්, ඔවුන් බලාපොරොත්තු වනුයේ සැබෑ සිස්ටරම් චේන්ජ් එකක් බවත් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිළිබඳ අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මෙලෙස අදහස් දක්වා සියටියේ.
"රටට දැනුම් දෙන්න මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා. බොහෝ මන්ත්‍රීවරුන් මේ සභාවේ 17 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නා. ඒ මන්ත්රීවරුන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නා. ඒ මන්ත්රීවරුන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයටත් පක්ෂව ඡන්දය දුන්නා. විසි වන සංශෝධනයටත් පක්ෂව ඡන්දය දුන්නා. අද විසිදෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් පක්ෂව ඡන්දය දෙන්න බලන් ඉන්නවා. මේක දිගින් දිගටම සිද්ධ වෙවී යන දෙයක්.
මම අහන්න කැමතියි 17, 18, 19, 20, 21 යන සංශෝධන වලදී මන්ත්‍රීවරැන් කිව්වා අපිට වැරුද්දක් වුණා, ඒක නිවැරදි කර ගන්න අවස්තාව දෙන්න කියලා. ඉතින් මේක මොක වගේ පාර්ලිමේන්තුවක්ද? රටේ සියලු දෙනාම කියන්නේ මේ 225 එලවන්න කියලා. ඔබතුමක්ලා අපිවත් නිකන් විහිළුකරැවන් බවට පත් කරලා තියෙනවා. ජනතාව දන්නවා වෙන්නේ මොකක්ද කියලා. මේ සංශෝධනය අද ඉදිරිපත් කරලා තියෙන්නෙත් විසිවන සංශෝධනය සම්මත කරපු පාර්ලිමේන්තුවටමයි. නමුත් රටේ ඉන්න ජනතාවට අවශ්‍ය වෙන්නේ මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න, ප්රජාතන්ත්රවාදය, මේ සිස්ටම් එක වෙනස් කරන්නයි. නැතුව මේ සුදුහුනු ගෑමක් නෙවෙයි."