මන්නාරම් මුහුදෙන් රුපියල් කෝටියකට ආසන්න කේරල ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
මන්නාරම මුහුදු සීමාවේදී අයිතිකරුවන් නොමැතිව පාවෙමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 86 ග්රෑම් 520 ක් තිබි නාවික හමුදාව විසින් ඊයේ (14) සවස අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා යාත්රාවක් විසින් මන්නාරම් උතුරු මුහුදු සීමාවේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාළ කේරල ගංජා තොගය අසුරන ලද පාර්සල් දෙකක් මුහුදේ පාවෙමින් තිබි ඇති අතර එම පාර්සල් පරික්ෂා කිරිමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.
එම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට ජාවාරම් කරුවන් මුහුදු මාර්ගයෙන් රැගෙන එන අවස්ථාවේදි නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා තොගය මුහුදට දමා පළා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටින අතරම අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම් පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

