මැන්ඩෙලා ගිය මගේ යමු - ජනපති
නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ (24දා) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමිනි.
නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධානය කර තිබුණි.
සාමය, සංහිඳියාව සහ මානවවාදය පිළිබඳ ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලු ලෝක නායකයින් අධ්‍යයනය කළයුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මග සිහිපත් කිරිමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබඳ එතුමාගේ චරිතය ආදර්ශ රැසක් ලබාදුන් බව සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 25 September 2018 05:48 PM
"බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබඳ නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය ආදර්ශ රැසක් ලබාදුන් බව........." අනේ හොඳයි මේ කතාව. ජනතාව අකමැති ලංකාවේ පාලකයෝ දෙන්නම බලය අත හැරලා, 2015 මහා මැතිවරණයෙන් දිනපු නමුත් ප්‍රතිඵල ව්කෘති කරලා පරද්දපු, ලංකාවම කැමති මහින්දට ලෝබ නැතුව රටේ බලය ලබා දීල සහ බලය පෙන්නලා උදුරා ගත්තු පක්ෂ සභාපතිකමත් දීල නෙල්සන් මැන්ඩෙලා ගැන අනුන්ට කරන්න කියපු දේ තමන්ම කරන්නේ කවදද කියලා තමයි ලංකාවම බලා ඉන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

