නාවික හමුදාව විසින් ඊයේ (15) දින මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා ලදී.
ඒ අනුව, උතුරු නාවික විධානය විසින් එම ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මිලි මීටර් 120 වර්ගයේ මෝටාර් බෝම්බයක්, විද්‍යුත් ඩෙටනේටරයක් සහ සේවා නුල් 03 ක් වළදමා තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර, මෙම පුපුරණ ද්‍රව්‍ය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.
සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

