මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව බුද්ධශාසන.ආගමික හා සංස්කෘකිත කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.
අමාත්‍යවරයා කියා සිටියේ 2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන කමිටුව හරහා මෙම තොරතුරු අනාවරණය වි ඇති බවය.
පසුගිය මැයි 17 වනදා පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේදී මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරිමට අදාළව මෙම විමර්ශන කටයුතු සිදු වේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම කමිටුවේ අවසන් වාර්තාවෙන් පසුව මහජන මුදල් අවභාවිතා කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවය.
මාතලේ මහේෂ් කිර්තිරත්න