මධ්‍යම පළාතේ සමස්ත ආසාදිතයින් ගණන 29,719ක්
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,719 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
මධ්‍යම පළාත තුළින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවක් පවතින අතර ඊයේ (13) දින පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 90කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 02ක් ලෙසිනි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 15,949 කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,712 දෙනෙකුද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 8,058 දෙනෙකු ද වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් ඊයේ (13) දින නව මරණ සංඛ්‍යාව 06ක් වාර්තා වූ අතර එම මරණ මහනුවර දිස්ත්‍රික්කයෙන් 05 ක් සහ මාතලෙන් 01 ක් ලෙසින් වාර්තා වූහ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

