මධ්‍යම පළාතේ ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමග කලින් පිටවෙලා
මධ්‍යම පළාතේ පාසල් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තෙවන වාරයේ විභාගයේ විෂයන්ට අදාළව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්තර පිළිතුරු පත්‍ර ද සමඟ කල්තියා පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේඋපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
එසේ කලින් පිට වී ඇත්තේ10 සහ 11වසර වලට අදාලමේ වන විට පවත්වා ඇති ආගම, සිංහල සහ ඉංග්‍රීසි යන විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතා පැවසීය .
පිටවී ඇති ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර මේ විට වට්ස් අප් තාක්ෂණය ඔස්සේ පාසල් සිසු සිසුවියන් අතර හුවමාරු වෙමින් පවතින අතර වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් පාසලක සිසුවෙකු පසුගිය10 දින ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අදාළව පිලිතුරු පත්‍රය ද ළඟ තබාගෙන පිළිතුරු ලියමින් සිටිය දීගුරුවරයකුට හසුවීමෙන් පසු ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය හෙළිව තිබේ .
තෙවන වාරයේ විභාගය ආරම්භවීමට සති දෙකකට පෙර මධ්‍යම පළාතේ පාසල් 1500ක විදුහල්පතිවරුන්ට අදාල ප්‍රශ්න ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු පත්රයවා ඇති අතර කිසියම් විදුහල්පතිවරයකු මාර්ගයෙන් මේ ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු පත්රපිට වන්නට ඇතැයි සැක කරන බව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසයි .
ගුරු සේවයේ නිරත පුද්ගලික පංති පවත්වන පුද්ගලයකු මෙම ප්‍රශ්න පත්‍ර කල්තියා පිට කිරීමේ සිද්ධිය පිටුපස සිටින බවටසැක කරන බව පැවසූ අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර ද මේ වන විට පිටව ඇති බවට සැක කරන බවද පැවසීය .
popular news
-
හිරුනි Monday, 20 March 2023 11:41 AM
පෙපර්
Reply : 102 175
chathura Wednesday, 12 July 2023 02:48 PM
මධ්මය පලාත 8 වසර ගණිතය පේපරය
Reply : 230 139
චතුර ලක්ෂිත Wednesday, 12 July 2023 02:53 PM
ගණිතය පේපරය 8-වසර
Reply : 221 109
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

