මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1400 ඉක්මවයි
මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව එක්දහස් හාරසීය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද 24 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1423 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 80 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 46 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19 ක් හ මාතලේ දිස්ත්‍රික්කයෙන් 15 ක් රෝගීන් වශයෙනි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 910 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 392 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 121 දෙනෙකු ද වාර්තා වී ඇත.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 271කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 168කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, මාතලේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 19 කි. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 04 ක් වන අතර සියල්ල මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.
මේ අතර මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කොරෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හයක දෙසැම්බර් 24 දින 6.00 වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 757 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල දෙසැම්බර් 24 දින පැය 24 ක කාලය තුළදී රෝගීන් 49 ක් ඇතුළත්කර ඇති අතර එදින සුවය ලබා පිටවූ සංඛ්‍යාව 47 දෙනෙකි
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
