මධ්‍යම පළාතේ කොඩිඩ් ආසාදිතයින් ගණන 8826 දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 147ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) ගෙවුණු පැය 24 කාලය වන විට 8826ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 5526කි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1740දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1560 දෙනෙකු ද වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 147කි.
ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 76ක්, නුවරඑළි
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව පන්විල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව මරණයක් වාර්තා වීමත් සමඟ 91ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 68ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 11 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 12 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

