ඉකුත් කොවිඩ් සමයේ දී මධ්‍යම පලාතේ පාසල් පාදක ඉගෙනුම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යය පැවරුම් මුද්‍රණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අත්තිකාරමක් ලෙස ලබාදුන් රුපියල් රුපියල් හැට හතර ලක්ෂ අසූ අට දහස් පන්සිය අනු අටක මුදලක් (6488598) කිසිදු ප්‍රයෝජනයක් නොගෙන රඳවා ගෙන ඇති බව විගණන වාර්තාවකින් හෙළිව තිබේ.
කොවිඩ් වසංගත කාලය තුළදී පාසල් දරු දැරියන්ට නිවෙස් වල සිට ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අවශ්‍ය මුද්‍රණ කඩදාසි, මුද්‍රණ යන්ත්‍ර වලට අවශ්‍ය තීන්ත සහ තීන්ත ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම මුදල් යෙදවීමට නියමිතව තිබුණත් ඊට අවශ්‍ය කඩදාසි සහ ටෝනර් ඇතුළු අමුද්‍රව්‍ය මහනුවර නගරයේ පෞද්ගලික ආයතනයකින් මිලදී ගෙන තිබුණත් ඒවා කිසිදු ප්‍රයෝජනයට නොගෙන විගණනය සිදුකළ ඉකුත් අගෝස්තු මස 25 වැනි දින තෙක්ම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති බව හෙළිව තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්විද්යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යංශය මගින් මෙම වැඩසටහනේ සමස්ථ ප්‍රගතිය පිළිබඳව විමසා ඇතත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එය ලබාදීමට ද පියවර ගෙන නොමැති බව විගණනයේදි නිරීක්ෂණය වී තිබේ .
එම විගණන විමසුම් විමසුම් ඒ පිටපත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කිරීමට විගණන නිලධාරීන් පියවර ගෙන තිබේ.
ෂේන් සෙනෙවිරත්න