මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට මාස කීපයක් තිස්සේ පැවති වියලි කාලගුණය නිමා කරමින් ඊයේ (29දා) පස්වරුවේ සිට අධික වර්ෂාව ඇද හැලුණි .
ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශයට ඉහලින් පිහිටි සාමිමලේ, නල්ලතන්නිය, මාවුස්සාකැලේ, ශ්‍රීපාද රක්ෂිතය හා මස්කෙළිය යන ප්‍රදේශ වලට මෙසේ අධික වර්ෂාව ලැබුණි.
ජල විදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශවල ජල මට්ටම 50% කට වඩා පහත බැස ඇති බව ඒම ජලාශ භාර ඉංජිනේරුවෝ සඳහන් කරයි.
හැටන් රංජිත්/ ගාමිණී බණ්ඩාර
