නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට (18) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය (19) දින උදෑසන සිට වාන් දැමීමට පටන්ගෙන ඇත.
ජලාශය වාන් දැමීමත් සමග කැලණිගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි නුවරඑලිය ආපදා කළමණාකරන ඒකකය කියා සිටියේ.
මේ අතර, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ජල මට්ටම ඉහළ යෑමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්දු යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.

